සංචරණ සීමා ජුනි 7 වෙනිදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මකයි

මැයි 28, 2021

දැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වෙනිදා අළුයම 4.00 වන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව මිට සුළු මොහොතකට පෙර යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරන ලදි.

ඒ අනුව කලින් සඳහන් කළ පරිදි මැයි 31 සහ ජුනි 4 යන දිනවල සීමාවන් ලිහිල් නොකරන බව ඔහු පැවසීය.

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දෙන බව ජෙනරල් සිල්වා  වැඩිදුරටත් පැවසීය.