නැඟෙනහිර පළාතේ තවත් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කෙරේ

මාර්තු 28, 2019

ආරක්‍ෂක කටයුතු සඳහා හමුදාව විසින් භාවිතා කල ඉඩම් නිදහස් කිරීමේ වැඩසටහනට අනුව නැගෙනහිර පළාතේ තවත් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කල බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. ඒ අනුව කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තිරියාය ප්‍රදේශයේ පුද්ගලික ඉඩම් අක්කර 3 ක් ද, අම්පාර කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පෙරියනිලාවේලි ප්‍රදේශයේ ඉඩම් අක්කර 0.5 ක ද, තිරුක්කෝවිල් ප්‍රදේශයේ රජයේ ඉඩම් අක්කර 2 ක් ද සඳහා වන නිල ලේකන නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු. එම්.එල්. ඒ. එම්. එම්. හිස්බුල්ලා සහ සහකාර දිස්ත්රික් ලේකම්තුමන් වෙත පසුගිය සඳුදා (මාර්තු 25) ආන්ඩුකාරතුමන්ගේ කාර්යාලයේ පවතී චාම් උත්සවයකදී භාරදෙන ලදී.

එම ඉඩම් සඳහා වූ නිල ලේඛන, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් ආණ්ඩුකාරතුමන් වෙත භාර දෙන ලදී.