රාජ්‍ය එන්නත්කරණ වැඩසටහන සඳහා යුද හමුදා සහය

මැයි 30, 2021

දිවයින පුරා ක්‍රියාත්මක රාජ්‍ය එන්නත්කරණ වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය සේවකයන් සමග එක්ව දකුණු පළාතේ නම් කරන ලද ප්‍රදේශ වල ඊයේ දින (29) එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.

යුද හමුදා වෛද්‍ය බළකායේ සහායෝගය ඇතිව මෙම එන්නත්කරණ වැඩසටහන ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල අද (30) දින දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව යුද හමුදාව පවසයි.

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගනය,පවරසිරි නිවේශාරාමය,රන්සෑගොඩ ශ්‍රී විජයාරාමය,කැකුණදුර වෙහෙරහේන රජමහා විහාරය සහ ගාල්ල දිස්ත්‍රික්කයේ අටානිකිත කනිෂ්ඨ විද්‍යාලය, ඇල්පිටිය ආනන්ද විද්‍යාලය සහ හබරාදූව ධර්මික මහා විද්‍යාලය යන ස්ථානවල එන්නත්කරණ වැඩසටහන පවත්වන ලදි.

අතිගරු ජනාධිපතිතුමන් ලබාදුන් උපදෙස් වලට අනුව යුද හමුදා භටපිරිස් විසින් ඉකුත් සිකුරාදා (28) දින සිට උතුරුමැද, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත් වලට අයත් අනුරාධපුර, ගාල්ල, මාතර, කුරුණෑගල, මාතලේ යන දිස්ත්‍රික්කවල එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.