රුසියානු තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

ජුනි 02, 2021

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු යූරි මැටේරි මහතා අද (ජුනි 2) දින අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා හමුවිය.

මෙම හමුවේදී ආරක්ෂක ලේකම් සහ තානාපතිවරයා අතර ද්විපාර්ශ්විකව වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් සිදුවිය.

වසංගත තත්වයන් හමුවේදී රාජ්‍ය මට්ටමෙන් මුහුණ දෙන පොදු දුෂ්කරතා සහ එම තත්වයන් මඟ හරවා ගත හැකි ක්‍රම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම සඳහා ලබාදෙන සහයෝගය මෙන්ම නොයෙකුත් ආකාර වලින් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම පිළිබඳව ජෙනරල් ගුණරත්න රුසියානු තානාපතිවරයා වෙත මෙහිදී සිය ස්තුතිය පුද කළේය.

මේ අවස්ථාව සඳහා හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඩෙනිස් අයි. ශ්කොඩා සහ අතිරේක ලේකම් (ආරක්ෂක) පීබීඑස්සී නෝනිස් යන මහත්වරු ද සහභාගි විය.