සංචරණ සීමා ජුනි 14 තෙක් දීර්ඝ කෙරේ

ජුනි 02, 2021

රට පුරා සංචරණ සීමා පැනවීම ජුනි 14 දින උදෑසන 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ඒ අනුව ජුනි 7 වන දින අවසන්වීමට නියමිතව තිබූ එම සීමාවන් ලිහිල් නොකරනු ඇත.