ගිනිගත් නෞකාවෙන් ඇති වූ හානිය පිළිබඳ සමීක්‍ෂණ

ජුනි 03, 2021

ශ්‍රි ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය ඒකකය මගින් මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට (NARA) අයත් නෞකාවක් මගින් ගිනිගත් 'X PRESS PEARL' නෞකාව ආසන්නයේ ජල සාම්පල ලබාගත් බව නාවික හමුදාව පවසයි.

ඒ අනුව, ගිනිගත් නෞකාව හේතුවෙන් සිදු වූ පාරිසරික බලපෑම අධ්‍යයනය කිරීමේ කටයුතු සාගර පර්යේෂණ නෞකාවක් වන 'සමුද්‍රිකා' නෞකාව මගින් ජුනි 1 සිට ආරම්භ කර ඇත.

තවද 'සමුද්‍රිකා' නෞකාව යනු නාවික හමුදා ජල ශාස්ත්‍රිය ඒකකයේ නිලධාරීන් සහ 'NARA' ආයතනයේ විද්‍යාඥයින් එක්ව ගවේශන හා පරීක්‍ෂණ කටයුතු රැසක් සිදු කර ඇති පර්යේෂණ නෞකාවකි.