ගංවතුර අවදානම් ප්‍රදේශ සදහා නාවික හමුදා සහන කණ්ඩායම්

ජුනි 04, 2021

දකුණු හා බස්නාහිර පළාත් වල ගංවතුරින් පීඩාවට පත් ජනතාවට උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සහන කණ්ඩායම් යොදවා තිබේ.

ඒ අනුව, අධික වැසි හේතුවෙන් ගිං ගඟ සහ කලු ගඟහි ඉහල යමින් පවතින ජල මට්ටම පිලිබද අවදානය යොමුකරමින් නාවික හමුදා දකුණු නාවික විධානය මගින්
සහන කණ්ඩායම් තුනක් තවලම, හිනිඳුම සහ ඒප්පල යන ප්‍රදෙශ වල ස්තානගත කරන ලදි.

තවද, බටහිර නාවික විධානය මගින් බුලත්සිංහල, පරගොඩ යන ප්‍රදෙශ වල ආපදා සහන කන්ඩායම් දෙකක් ස්තානගත කරන ලදී.

අයහපත් කාලගුණික තත්වයෙන් පීඩාවිදින ජනතාවට කඩිනමින් සහන සැපයීම සඳහා තවත් අමතර සහන කණ්ඩායම් සූදානමින් ඇති බව නාවික හමුදාව පවසයි.