කළුතර සහ රත්නපුර යන ප්‍රදේශ සඳහා නායයෑම් රතු නිවේදන

ජුනි 04, 2021

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, ඉංගිරිය, පාලින්දනුවර, අගලවත්ත සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ හා කලවාන යන ප්‍රදේශ වෙත නායයෑම් සඳහා තුන්වන මට්ටමේ රතු අනතුරු ඇඟවීමේ නිවේදන අද (ජූනි 4) නිකුත් කර තිබේ.

තවද, පහත ලැයිස්තුගත කර ඇති පරිදි දිස්ත්‍රික්ක හයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇත.

ඒ අනුව, කොළඹ, ගාල්ල , කළුතර, මාතර, කෑගල්ල, සහ රත්නපුර යන දිස්ත්‍රික්ක   අවදානම් ප්‍රදේශ ලෙස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය දක්වා ඇත.

නායයෑම් අවධානය ඇති ප්‍රදේශ පිලිබද තොරතුරු:

+

 

වැඩිදුර තොරතුරු : www.dmc.gov.lk