විශ්‍රාමික ත්‍රිවිධ හමුදා ව්‍යවසායකයින්ගේ විශේෂ පොලක් ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී

මාර්තු 26, 2019

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා ව්‍යවසායකයින්ගේ කෘෂි නිෂ්පාදන අලෙවිකර ගැනීම සඳහා විශේෂ පොලක් අද (මාර්තු 26) දින අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණි. ආරක්‍ෂක රාජ්‍ය අමාත්යංශය විසින් ක්‍රියාත්මක විශ්‍රාමිකයින් සඳහා වූ විශේෂිත කෘෂිකාර්මික ස්වයං රැකියා ව්‍යාපෘතිය මගින් මෙම පොළ සංවිධානය කොට තිබුණි.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එන්.කේ.ජී.කේ. නෙම්මේවත්ත මහතා විසින් මෙම විශේෂිත පොළ විවෘත කරන ලදී.

එළවළු, පළතුරු, දේශීය සහල්, පිටි වර්ග, මී පැණි, කෘෂි නිෂ්පාදන ආදිය ඇතුලු නිෂ්පාදන රාශියක් සහනදායි මිලගණන් යටතේ මිලදී ගැනීමට පාරිබෝගිකයින්ට අවස්තාව සලසා දී තිබුණි.

මෙවැනි විශේෂිත පොළවල් මගින් ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයින්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා වටිනා අවස්තාවක් සලසා දී ඇත. එමෙන්ම සාධාරණ මිලගණන් යටතේ පාරිභෝගිකයින්ට හොඳ තත්ත්වයේ නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාවක්ද සැලසෙනු ඇත.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්යංශය විසින් ක්‍රියාත්මක කරන ලද ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කෘෂිකාර්මික ස්වයං රැකියාවක් මගින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අතිරේක ආදායමක් ලැබෙනවා මෙන්ම ජාතික ශ්‍රම බලකායට ශක්තියක් වීම තුලින් රටේ සංවර්ධනයටද වක්‍රාකාරව දායක වෙයි. එමෙන්ම මෙමගින් නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමට ද අවස්තාවක් සැලසේ.