‘X-PRESS PEARL’ නෞකාවේ කාන්දුව පරික්ෂා කිරීමට නාවික හමුදා කිමිදුම්කරුවන්

ජුනි 06, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ කිමිදුම්කරුවන් කිහිපදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද ( ජූනි 6 ) දින ‘X-PRESS PEARL’ නෞකාවේ ඉන්ධන කාන්දුවීම පිළිබඳව සොයාබැලීම සඳහා එහි බඳ කොටස පරික්ෂා කිරීමේ මෙහෙයුමක් සිදුකරන ලදී.

මෙම මෙහෙයුමේදී කිමිදුම් කණ්ඩායම විසින් නෞකාවේ ඉන්ධන ගබඩාවේ ගිලීඇති කොටස පරික්ෂා කිරීම් සිදුකරන බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා ආරංචි මාර්ග වලට අනුව, ඔවුන් ජූනි 7 වන දින නෞකාවේ දිය යට කොටස සහ නැවෙන් මුහුදට ඉන්ධන කාන්දුවක් ඇත්දැයි සොයාබැලීම සඳහා තවත් මෙහෙයුමක් සිදුකරනු ඇත.