ගංවතුරෙන් පීඩාවට පත්වුවන්ට සහන සැලසීම සදහා තවදුරටත් හමුදා සහය

ජුනි 07, 2021

නාවික හමුදාව විසින් යොදවා ඇති ගංවතුර සහන කණ්ඩායම් අද (ජූනි 7) දින ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු තවදුරටත් සිදුකරගෙන යමින් පවති.

තවද, වාරිමාර්ග දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ සහය ඇතිව නාවික හමුදා භට පිරිස් විසින් සිදුකරන ලද වක්වැල්ල පාලම තුල සිර වූ දැව කදන් ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරිමේ මෙහෙයුම් මගින් පහත්බිම් ප්‍රදේශවල ඇතිවිය හැකිව තිබු ගංවතුර තත්වය මගහරවා ගැනිමට හැකිවිය.

නාවික හමුදාව පැවසුයේ ඔවුන්, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, සහ රත්නපුර දිස්ත්‍රික්ක වල සහන කණ්ඩායම් 32 ක් යොදවා ඇති බවයි.

ජාඇල දඬුගං ඔයෙහි ඉවුරු කැඩි යාමෙන් අවට ප්‍රදේශ ගං වතුර අවදානමකට ලක්වී තිබූ අතර, ත්‍රිවිධ හමුදාව විසින් වැලි කොට්ට යොදා ඉවුරු පිළිසකර කර සිදුවිය හැකිව තිබු හානිය වලක්වන ලදී.

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාව නිරතුරුව කටයුතු කරයි.