ගම්පහ වැරල්ලවත්තට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

ජුනි 08, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගම්පහ වැරල්ලවත්ත ප්‍රදේශයේ ඉදිකරන ලද ඇදන් 650 ක් සහිත කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඊයේ ( ජූනි 7 ) දින විවෘත කරන ලදී.

කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජය ගෙනයනු ලබන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා නාවික හමුදාව විසින් වසාදමා තිබු කර්මාන්ත ශාලාවක් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අධියරය මෙය වේ.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව නාවික හමුදාවේ තාක්ෂණික හා ශ්‍රම දායකත්වය ලබාදෙමින් ඉදිකරන ලද මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිනියගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

රෝගීන් 2000 කට එකවර ප්‍රතිකාර කල හැකි පරිදි මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීමේ කටයුතු නාවික හමුදාව විසින් සිදුකරගෙන යනු ලැබේ.