ධීවර ප්‍රජාව සඳහා යුද හමුදාවෙන් පානීය ජලය

ජුනි 08, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මඩකලපුව, පුන්නකුඩා ප්‍රදේශයේ ධීවර පවුල් 200 කට  සහ විහාරස්ථානයේ භාවිතයට පානීය ජලය ලබාගැනීම සඳහා ලීටර 1000 ක ජල ටැංකියක් ස්ථාපිත කරන ලදී.

231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චිගේ ඉල්ලීම පරිදි ‘විෂන් කෙයාර් ’ ආයතනය විසින් මේ සඳහා අනුග්‍රහය දක්වා ඇත.

Sinhala.