විශ්‍රාම වැටුප් ලබා ගැනීමටජුනි 10 සහ 11 යන දිනවල ප්‍රවාහන පහසුකම්

ජුනි 09, 2021

ජුනි 10 සහ 11 යන දෙදින තුළ විශ්‍රාමිකයින්ට ළඟම ඇති බැංකුවෙන් විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව විසින් දිවයින පුරා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

ඒ අනුව දිස්ත්‍රික් / ප්‍රාදේශීය ලේකම් කාර්යාල අදාළ ග්‍රාම සේවා නිලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් අදාළ ප්‍රදේශවල හමුදා බලධාරීන්ගේ සහයෝගයෙන් යුතුව මෙම වැඩසටහන් ක්‍රියාත්මකවනු ඇත.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට දුන් නියෝගයකට අනුව මෙම වැඩසටහන ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ඇත.

මෙම පහසුකම ලබා ගැනීම සඳහා අදාළ ග්‍රාම නිලධාරීන් සම්බන්ධ කර ගන්නා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව සියළුම විශ්‍රාමිකයන්ගෙන් ඉල්ලා සිටී.

මීට පෙර 2020 දීපැනවූ සංචරණ සීමා කාලය තුළ ත්‍රිවිධ හමුදාව විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 500,000 කට වැඩි පිරිසකට විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පහසුකම් සලසා දී තිබේ.