ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ නව සභාපතිනිය වැඩභාර ගනී

ජුනි 09, 2021

වෛද්‍ය ප්‍රියංගනී අමරබන්දු මහත්මිය ජාතික අන්තරායක ඖෂධ පාලන මණ්ඩලයේ නව සභාපතිනිය ලෙස රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මහතා විසින් 2021 මැයි මස 7 වන දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ.

ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ( විශාමික ) වෙතින් එතුමිය අද ( ජූනි 9 ) දින සිය පත්වීමේ ලිපිය භාරගන්නා ලදී.

ජාතික අන්තරායක ඖෂධ පාලන මණ්ඩලය යනු රටෙන් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා කටයතු කරන පුරෝගාමී රාජ්‍ය ආයතනයයි.