දීඝවාපි ස්ථුප ප්‍රතිසංස්කරණයේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

ජුනි 10, 2021

දීඝවාපි ස්ථුප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් අද (ජූනි 10 ) දින ආරක්ෂක අමාත්‍යංශයේදී පවත්වන ලදී.

ඒ අනුව, ආරක්ෂක ලේකම් සහ නැගෙනහිර පළාත් පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විය.

මෙහිදී, ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය, ගඩොල් නිෂ්පාදන ක්‍රියාවලිය, නල මාර්ග සැකසීම, ශ්‍රම දායකත්වය, මුල්‍ය ප්‍රතිපාදන, පරිපාලන කටයුතු සහ අධීක්ෂණ කටයුතු පිළිබඳව සාකච්ඡා කරන ලදී.

කොරෝනා වෛරස පැතිරීම වැලැක්වීම සඳහා වන සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් වලට අනුව කඩිනමින් මෙහි වැඩකටයුතු සිදුකරගෙන යාම සඳහා අවශ්‍ය උපදස් මෙහිදී ලබාදෙන ලදී.

දීඝවාපි විහාරාධිපති පුජ්‍ය මහඔය සෝභිත හිමි, බුද්ධසාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරල් ජගත් අල්විස් (විශ්‍රාමික ), ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ති ජයසිංහ, පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් නන්දන සේනාධීර ( විශ්‍රාමික ), ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම් සහ ජනාධිපති සහකාර ලේකම් ජීවන්ති සේනානායක, ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ගෘහ නිර්මාණ ශිල්පින්, පුරාවිද්‍යාඥයින්, ඉංජිනේරුවන් සහ මිනින්දෝරුවන් මේ අවස්ථාව සඳහා සහභාගී වුහ.