ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කෙරේ

ජුනි 10, 2021

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් ජුනි 3 සිට 6 දක්වා නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කර ගන්නා බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද අද ( ජූනි 10)දින පැවසීය.

පසුගිය පැය 24 තුල දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා නොවීම නිසාත් ගංගාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස පහළ යමින් පවතින නිසාත් මෙම අනතුරු ඇඟවීම් ඉවත් කර ඇති බව ඔවුන් පැවසීය .

පෙර අනතුරු ඇඟ වූ ගංගා ආශ්‍රිත  ගංවතුර අවදානම මේ වන විට අඩුවෙමින් පවතින අතර ගංගාද්‍රෝණි වල පහත් බිම් වල ඇති ජල මට්ටම ඉදිරි දින කීපයේදී ක්‍රමයෙන් බැස යනු ඇති බව තවදුරටත් පැවසීය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූයේ මෝසම් වැසි හේතුවෙන් ඇති වූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 200,000 අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති අතර පසුගිය සතිය තුළ මරණ 20ක් වාර්තා වාර්තා වී ඇති බවයි.