සංචරණ සීමා දීර්ඝ කිරීමට තවමත් තීරණය කර නොමැත

ජුනි 10, 2021

දිවයින පුරා මේ වනවිට පනවා ඇති සංචරණ සීමා, ජුනි මස 14 (සදුදා) දිනෙන් පසුවද දීර්ඝ කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කර ඇති බව පවසමින්  සමාජ මාධ්‍ය වල අසත්‍ය තොරතුරු ප්‍රචාරය වන බව ඔහු පැවසීය.

රටපුරා පවත්නා සංචරණ සීමාව ජූනි 14 වන දින පෙරවරු 4 දක්වා බලාත්මක වේ.