කුණ්ඩසාලේට රෝගීන් 1000ක් සඳහා අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයක්

ජුනි 14, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සෞඛ්‍ය බලධාරීන්ගේ සහ රාජ්‍ය ආයතනවල සහය ඇතිව කුණ්ඩසාලේ මහමෙව්නා බෞද්ධ මධ්‍යස්ථානය කොවිඩ් 19 රෝගීන් සඳහා වන අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර ඇත.

11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ විසින් ලබාදුන් උපදෙස් මත පළමුවන  ශ්‍රී ලංකා රයිෆල් බලකායේ සහ ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සිදු කළ බව යුද හමුදාව පවසයි.

තවද 11 වන සේනාංකයේ භටපිරිස් විසින් ගම්පොල, කුරුඳුවත්ත ‘සමර්සෙට්’  තේ කර්මාන්ත ශාලාව ද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය කර ඇත.

යුද හමුදා ආරංචි මාර්ග අනුව මෙහි කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් 300 දෙනෙකුට එකවර ප්‍රතිකාර සිදුකල හැක.