මුලතිව් ප්‍රජා ව්‍යාපෘති සඳහා යුද හමුදාවේ දායකත්වය

ජුනි 15, 2021

සමාජ සුභසාධන අරමුණු කරගත් වැඩසටහනක් දියත් කරමින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මුලතිව් හි තෝරාගත් අගහිඟකම් ඇති පවුලක් වෙත ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීමේ අරමුණින් නව නිවසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදි.

මහා සංඝරත්නයේ අනුග්‍රහයෙන් ආරම්භ කරනු ලැබු මෙම ව්‍යාපෘතිය සදහා යුද හමුදාවේ තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වය ලබා දෙනු ලැබේ.

ආගමික ආශීර්වාද මධ්‍යයේ මුල්ගල තැබිමේ කටයුතු පවුලේ අයගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.

මේ අතර, 59 වන සේනාංකය යටතේ ඇති 12 වන පාබල හමුදා රෙජිමේන්තු භටපිරිස් විසින් සෞඛ්‍යය බලධාරින්ගේ ඉල්ලිමකට අනුව මුලතිව් රෝහලේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරන ලදි.