යුද හමුදාව කාබනික පොහොර නිෂ්පාදනය අරඹයි

ජුනි 18, 2021

යුද හමුදාවේ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 5 වන ශ්‍රී ලංකා කාන්තා බලකායේ භට පිරිස් විසින්, කඳවුර හා අවට ඇති අපද්‍රව්‍ය හා කසළ යොදා ගනිමින් කාබනික පොහොර කිලෝග්‍රෑම් 160,000 ක් නිෂ්පාදනය කර ඇත.

රට තුල කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීම සඳහා වන අතිගරු ජනාධිපතිතුමන්ගේ දැක්මට අනුව, 2021 මැයි 16 වන දින කාන්තා සෙබළිියන්ගේ සහභාගීත්වයෙන් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසූරියගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව යුද හමුදාව පවසයි.

5 වන ශ්‍රී ලංකා කාන්තා බලකායේ අණදෙන නිලධාරී මේජර් එල් රත්නපාලගේ අධීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.