සංචරණ සීමා ඉවත්කිරීම පිළිබඳ තීරණය

ජුනි 18, 2021

දැනට පනවා ඇති සංචරණ සීමා ජුනි 21 දින අලුයම 4.00 ට ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

ඉන්පසුව, ජුනි 23 වන දින රාත්‍රී 10.00 ට නැවත සංචරණ සීමා පැනවෙන අතර ජුනි 25 අලුයම 4.00 දක්වා එය ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත්, අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන බව ජෙනරල් සිල්වා පැවසීය.