මුහුදේ පාවෙමින් තිබූ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ජුනි 20, 2021

හලාවත මුක්කු තොඩුවාව වෙරළ ආසන්නයේ මුහුදේ පාවෙමින් තිබූ කිලෝ 23 ග්‍රෑම් 100ක් පමණ වන ගංජා තොගයක් නාවික හමුදාව විසින් අද (ජුනි 20) දින සොයා ගෙන ඇත.

නාවික හමුදා වයඹ නාවික විධානය විසින් මුහුදේ පාවෙමින් තිබු කේරල ගංජා පර්සල් 10 ක් සහිත ගෝනියක් මෙලෙස සොයා ගන්නා ලදි.

තවද, නාවික හමුදාව විසින් හලාවතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ජුනි මස 18,19,20 යන දිනවලදී සිදුකළ මෙහෙයුම් මගින් කිලෝ 308 කට ආසන්න ගංජා ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව සහ හලාවත පොලිසිය සැකකරුවන් සොයා තව දුරටත් පරීක්ෂණ පවත්වන බව නාවික හමුදාව පවසයි.