මිලියන 52 ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ජුනි 21, 2021

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කේරළ ගංජා කිලෝ 174 ග්‍රෑම් 50 ක් සහ ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වියළි කහ කිලෝග්‍රෑම් පහක්ද එහිදී සොයාගෙන ඇති අතර මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 52 ක් පමණ වන බව නාවික හමුදාව පවසයි.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 ත් 34 ත් අතර වන පේදුරුතුඩුව සහ මුලතිව් හි පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ භාණ්ඩ හා ඩිංගි යත්‍රාව නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේ පොලිසියට භාර දුන් බව නාවික හමුදාව පවසයි.

මුහුදු මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා මුහුදේ මුර සංචාර ගණනාවක් සිදු කෙරෙන බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, උතුරු නාවික විධානය මගින් P177 වෙරළබඩ මුර යාත්‍රාව සහ විශේෂ යාත්‍රා බලඝනයට අයත් Z 196 සහ Z 215 යන යාත්‍රාවන් මගින් සැකකටයුතු ඩිංගි යත්‍රාව ලුහුබැඳ ඇත.

මෙහෙයුම් කටයුතු සෞඛ්‍යය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කළ බව නාවික හමුදාව තහවුරු කරයි.