නික්මයන, ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ආරක්ෂක ලේකම් හමුවෙයි

ජුනි 21, 2021

ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී වින්ස්ටන් ඇලෙක්සැන්ඩර් සිල්වා මහතා සිය ධූර කාලය සම්පූර්ණ කර නික්ම යාමට ප්‍රථම ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (ජූනි21) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී හමුවිය.

දෙපාර්ශවය අතර පැවැති මෙම ද්විපාර්ශික සුහද සාකච්ඡාවේදී නියෝජ්‍ය ප්‍රධානී විසින් සිය ධුර කාලයේ දී ආරක්ෂක අමාත්‍යාංශය විසින් දැක්වූ සහයෝගය පිළිබඳව ආරක්ෂක ලේකම් වෙත කෘතඥතාවය පුද කළේය.

මේ අතර, ආරක්ෂක අමාත්‍යංශයට සහ එහි කාර්ය මණ්ඩලයට දැක්වූ සහයෝගය පිළිබඳවද ආරක්ෂක ලේකම් විසින් නික්ම යන බ්‍රසීල නියෝජිතයා වෙත සිය කෘතඥතාවය පුද කළේය.

දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ඔහු විසින් දක්වන ලද දායකත්වය ආරක්ෂක ලේකම් විසින් මෙහිදී ඇගයීමට ලක් කලේය.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය ආරක්ෂිත උපදේශ වලට අනුව මෙම හමුව පැවැත්විය.

හමුදා සම්බන්ධතා නිලධාරී බිගේඩියර් දිනේෂ් නානායක්කාර සහ ශ්‍රී ලංකාවේ බොන්ස්ට්වානා ජනරජයේ කොන්සල් ජයසිරි සිල්වා මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.