ජාත්‍යන්තර යෝගා දිනයේ සමාරම්භක වැඩසටහන

ජුනි 21, 2021

ජාත්‍යන්තර යෝගා දිනය සනිටුවන් කරමින් පැවති හත්වන වැඩසටහනේ ප්‍රධාන දේශණය ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් අද (ජුනි) දින වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන ලදී.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලේ විසින් සූම් තාක්ෂණය ඔස්සේ මෙහි පිලිගැනීමේ කතාව සිදුකළ අතර අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි යන රජ්‍ය නායකයින්ද සූම් තාක්ෂණය ඔස්සේ සිය පණිවිඩ එක්කරමින් මෙම අවස්තාව සනිටුහන් කල බව යුද හමුදාව පවසයි.

 ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද හමුදා මූලස්ථානයේදී අද උදෑසන පැවැති යෝගා නිදර්ශනය සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.

සෙබළුන්ගේ ශාරීරික හා මානසික මට්ටම ඉහළ තත්වයක පවත්වා ගැනීම සඳහා පසුගිය වසර කීපයක සිට යෝගා ව්‍යායාම පුහුණු කිරීම මගින් ශ්‍රී ලංකා යුද හමුදාව ඉහළ ප්‍රතිඵල ලබා ඇත.

ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ ප්‍රවීණ යෝගා ව්‍යායම් උපදේශකයෙකු වන ආචාර්ය රේවන්ට් වික්‍රම් සිං මෙම යෝග වැඩසටහනට සහභාගි විය.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම වැඩසටහන සඳහා හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක්ද සහභාගි විය.