යුද හමුදාව ,මඩකලපුව ශික්ෂණ රෝහලේ රසායනාගාරය පුළුල් කිරීමට දායක වෙයි

ජුනි 22, 2021

කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සායනික පරීක්ෂණ සිදුකිරීම සඳහා මඩකලපුව ශික්‍ෂණ රෝහලේ රෝග විනිශ්චය කිරීමේ පරීක්‍ෂණාගාරය ඉඩපහසුකම් සහිතව සකස්කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව මෑතකදී දායක විය.

මඩකලපුව 231 වන බලසේනාවේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සිදු කරන ලදි.

ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ. ගනේෂලිංගම් මහත්මිය සහ ක්ෂුද්‍රජීව විද්‍යා වෛද්‍ය තෙවකාන්තන් මහතාගේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් භටපිරිස් විසින් මෙම කාර්යය ඉටු කළ බව යුද හමුදාව පවසයි.