පාකිස්තාන මහකොමසාරිස් ආරක්ෂක ලේකම් හමුවෙයි

ජුනි 22, 2021

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස් අතිගරු මේජර් ජෙනරල් මුහම්මද් සාද් හතාක් මහතා අද (ජුනි 22) දින ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය.

මෙම හමුවේදී ආරක්ෂක ලේකම් සහ මහ කොමසාරිස්වරයා අතර ද්විපාර්ශ්විකව වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් සිදුවිය.

මේ අවස්ථාව සඳහා හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර, ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මද් සදාර් යන මහත්වරු ද සහභාගි විය.

සාකච්ඡාවලින් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා තෑගි හුවමාරු කර ගැනීමද සිදුවිය.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම සඳහා ලබාදී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම හමුවීම පවත්වන ලදි.