කිලිනොච්චි භට පිරිස් වෙතින් සමාජ සුභසාධන වැඩසටහන් තවදුරටත්

මාර්තු 21, 2019

කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් කිලිනොච්චි රෝහලේ රුධිර බැංකුව වෙතින් කරනලද ඉල්ලීමකට අනුව රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් රුධිරය ලබා දීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. පසුගිය සඳුදා (මාර්තු 18) දින මාන්කුලම් රෝහලේ පැවති ලේ දන්දීමේ කඳවුරේදී යුද්ධ හමුදා සාමාජිකයින් 85 කට වැඩි පිරිසක් රුධිරය පරිත්‍යාග කිරීම සිදු කළහ. 

මේ අතර පාලිනගර් තමිල් අලගන් පෙර පාසලේ ඉල්ලීමකට අනුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයෙන් නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව පෙර පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා එම පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කරනු ලැබීය. කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගරා ගේ මගපෙන්වීම යටතේ මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය සිදුකරන ලදී.

හමුදා සාමාජිකයින් සහ සාමාන්‍ය ජනතාව අතර පවතින සංහිඳියාව සහ සුහදත්වය ශක්තිමත් කිරීම සඳහා මෙවැනි සමාජ සුභ සාධන ව්‍යාපෘතීන් යුද්ධ හමුදාව විසින් නිරතුරුවම සිදුකරනු ලබයි.