නැගෙනහිර ප්‍රදේශයේ ආරක්‍ෂක හමුදාවන් භාවිතා කල තවත් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කෙරේ

මාර්තු 19, 2019

යුද්ධ හමුදාව විසින් නැගෙනහිර පළාතේ ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල තවත් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කිරීමට නියමිත බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. ඒ අනුව කුච්චිවෙලි, කල්මූණේ සහ තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තිරියාය, පෙරියණිලාවේලි සහ තිරුක්කෝවිල් ග්‍රාම සේවා වසම්හි ඉඩම් අක්කර 5.05 ක් එළබෙන සඳුදා (මාර්තු 25) දින නිදහස් කිරීමට නියමිතය.

නිදහස් කිරීමට නියමිත ඉඩම්වලින් අක්කර 3.5 ක් පෞද්ගලික ඉඩම් හිමියන්ට අයත් වන අතර ඉතිරි කොටස රජය සතු ඉඩම්ය.

මෙලෙස නිදහස් කිරීමට නියමිත ඉඩම් සඳහා වූ නිල ලේඛණ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නිල වශයෙන් භාරදීමට නියමිතව ඇති අතර මෙම අවස්ථාව සඳහා ආගමික නායකයින්, ආණ්ඩුකාරතුමන්, ජ්‍යේෂ්ඨ රා