ආරක්‍ෂක අංශ විසින් රට පුරා ප්‍රජා එන්නත් කිරීමේ මධ්‍යස්ථාන
ජුලි 05, 2021ජනාධිපතිවරයාගේ නියෝගය අනුව සඳහා ආරක්‍ෂක අංශ විසින් සිවිල් වැසියන්ට එන්නත ලබා ගැනීම සඳහා බස්නාහිර පළාතේ සහ දිස්ත්‍රික් පදනම් කරගත් නව ප්‍රජා එන්නත් මධ්‍යස්ථාන අද (ජූලි 5) උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා විවුර්තව ඇත.
ඒ අනුව, බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි සිවිල් වැසියන්ට බටහිර පළාතේ ස්ථිර පදිංචිය පිළිබඳ සාක්ෂියක් ඉදිරිපත් කිරීමෙන් පසු පහත සඳහන් මධ්‍යස්ථානවල එන්නතේ පළමු මත්‍රාව ලබා ගැනීමට පහසුකම් සැලසෙනු ඇත:
- යුද හමුදා රෝහල , නාරාහේන්පිට
- දියත උයන, බත්තරමුල්ල
- ශ්‍රී බෝධිරාජාරාමය , පනාගොඩ
- පළමුවන ශ්‍රී ලංකා වෛද්‍ය බලකා රෙජිමේන්තු මූලස්ථානය, වේරහැර
ජාතික හැඳුනුම්පත සමඟ විදුලිබල හෝ දුරකථන බිල්පතක් හෝ මැතිවරණ ලැයිස්තුවේ පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. එසේ නොමැතිනම් එන්නත ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරි වෙතින් පදිංචිය පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව යුද හමුදාව පවසයි.
අද සිට සිවිල් වැසියන්ට එන්නත ලබා ගැනීම සඳහා රට පුරා නව ප්‍රජා එන්නත් කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කරන බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ හා සමානව, වයස අවුරුදු 60 ට වැඩි සිවිල් වැසියන්ට අද සිට ඉහත සඳහන් කාලවලදී එන්නත ලබා ගැනීම සඳහා ඔවුන්ගේ සාක්ෂි සහිතව පහත සඳහන් ප්‍රජා එන්නත් මධ්‍යස්ථාන වෙත ළඟා විය හැකිය:
| • ගාල්ල දිස්ත්‍රික්කය | - | විද්‍යාලෝක විද්‍යාලය, ගාල්ල | ||
| • මාතර දිස්ත්‍රික්කය | - | මහින්ද රාජපක්ෂ විද්‍යාලය, මාතර | ||
| • බදුල්ල දිස්ත්‍රික්කය | - | ආරක්ෂක සේනා මුලස්ථානය, දියතලාව | ||
| • අනුරාධපුර දිස්ත්‍රික්කය | - | යුද හමුදා රෝහල, අනුරාධපුර | ||
| • පොලොන්නරුව දිස්ත්‍රික්කය | - | පාබල පුහුණු මධ්‍යස්ථානය, මින්නේරිය | ||
| • කිලිනොච්චි දිස්ත්‍රික්කය | - | යුද හමුදා රෝහල, කිලිනොච්චිය | ||
| • මුලතිව් දිස්ත්‍රික්කය | - | මුලතිව් දෙමළ විද්‍යාලය, පුදුකුඩිඉරිප්පු | ||
| • මන්නාරම දිස්ත්‍රික්කය | - | ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල ගොඩනැගිල්ල, මන්නාරම |
මේ හැරුණු විට, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ, චෛත්‍ය පාරෙහි , ප්‍රදීපාගාර පරිශ්‍රයේ සහ රාගම එලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේ දී එන්නත් කිරීම අද දින සිට ආරම්භ විය.