ගුවන් හමුදාවෙන් සුරතල් සතුන් සඳහා රෝහලක්

ජුලි 08, 2021

ගුවන් හමුදාව විසින් සුරතල් සතුන් වෙනුවෙන් අළුතින් ඉදිකරන ලද සත්ව රෝහල, ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මැතිනිය විසින් කොළඹ 8 ගුවන් පුරයේදී විවෘත කරන ලදී.

මෙම අවස්ථාවට පැමිනි ජනාධිපති ආර්යාව, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ, චාමිනී පතිරණ මහත්මිය ඇතුළු ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයන් විසින් පිලිගනූ ලැබීය.

අයෝමා රාජපක්ෂ මැතිනිය විසින් පලමු වරට මෙහි සුරතල් සතෙකු ලියාපදිංචි කිරීම සිදු කළ අතර රෝහලේ පහසුකම් හා සේවාවන් පිළිබඳවද මෙහිදී නිරීක්ෂණය කරන ලදී.

මත්ද්‍රව්‍ය ඇතුළු අන්තරායකර ද්‍රව්‍ය ගුවන්තොටුපලේදී සොයා ගැනීම සඳහා පුහුණු කරන ලද ගුවන් හමුදාවේ විශේෂ සුනඛයින්ට ප්‍රතිකාර කිරීම සහ රැකබලා ගැනීමද මෙම සත්ව රෝහල මගින් සපයනු  ලබන විශේෂ සේවාවකි.

තවද, 0113144447 හෝ 0112495800 යන දුරකථන අංක ඇමතීමෙන් මහජනතාවට මෙම රෝහලේ සේවාව සහනදායී මිලකට ලබාගත හැකි බව ගුවන් හමුදාව සඳහන් කරයි.