යාපනයේ ඩෙංගු මර්දනය සඳහා යුද හමුදාව ආගමික ස්ථාන පිරිසිදු කරයි

ජුලි 10, 2021

යාපනය අර්ධද්වීපය ඩෙංගු මදුරුවන්ගෙන් තොර ප්‍රදේශයක් කිරීමේ අරමුණින් යුද හමුදා භට පිරිස් විසින් ආගමික ස්ථාන පිරිසිදු කිරීමේ ශ්‍රමදාන මාලාවක් පසුගියදා සිදු කරන ලදී.

ඒ අනුව, පෙරියවිලාන් ශාන්ත අන්තෝනි දේවස්ථානය, කණ්ඩරොඩෙයි අරුල්මිලු අළුරානනාදන් පිල්ලෙයාර් කෝවිල, අලවෙඩ්ඩි ආලකොලෙයි පිල්ලෙයාර් කෝවිල සහ කරෙයිනගර් ශිවන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කර ඇති බව හමුදාව පවසයි.

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සිදුකරන ලද මෙම ශ්‍රමදාන වැඩසටහන,10 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ, 9 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 16 වන ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් සිදුකරන ලදී.

 

Sinhala.