ක්‍රිෂ්ණපුරම්හි දිළිඳු පවුලක් සඳහා නව නිවසක්

ජුලි 10, 2021

කිලිනොච්චිය ආරක්ෂක සේනාවට අයත් යුද හමුදා භට පිරිස්ගේ මූල්‍ය, ශ්‍රම හා තාක්ෂණික සහායෙන් කිලිනොච්චිය ක්‍රිෂ්ණපුරම් හි දිළිඳු පවුලක් වෙත නව නිවසක් ඉදිකර ඔවුන් වෙත භාර දෙන ලදී.

කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ මඟ පෙන්වීම යටතේ සිදුකරන ලද මෙම ව්‍යාපෘතිය සංහිදියාව ඇතිකිරීම සඳහා රජයේ වැඩපිළිවෙල ශක්තිමත් කරමින් ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ජීවන තත්වය නංවාලීම සඳහා උපකාර වූ බව යුද හමුදා ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ සමග ගෘහ භාණ්ඩ, වියළි සලාක, නැවුම් එළවළු සහ ළමුන්ගේ ප්‍රයෝජනය සඳහා ලිපි ද්‍රව්‍යද යුද හමුදාව විසින් ඔවුන වෙත ලබා දෙන ලදී.

කොවිඩ් -19 වැළැක්වීමේ මර්ගෝපදේශයන්ට අනුව පැවති මෙම නිවස භාරදීමේ අවස්ථාව සඳහා යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ භට පිරිස්, ග්‍රාම සේවා නිලධාරි, ක්‍රිෂ්ණපුරම් හි ග්‍රාම සංවර්ධන නිලධාරී ඇතුළු කිහිප දෙනෙකු සහභාගී වුහ.

Sinhala.