අයහපත් කාලගුණයට මුහුණ දීමට නාවික හමුදාව සීරුවෙන්

ජුලි 11, 2021

දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවන්හිදී ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කළුතර, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක සහන කණ්ඩායම් 08ක් යොදවා ඇත.

ඒ අනුව පරගොඩ, රත්නපුර නව නගරය, දෙල්ගොඩ, කුකුලේගම, අයගම, හිනිදුම සහ ඒප්පල ප්‍රදේශවලට නාවික සහන කණ්ඩායම් යොදවා ඇත.

මීට අමතරව බටහිර නාවික විධානයේ නාවික හමුදා සහන කණ්ඩායම් 25ක් ද දකුණු නාවික විධානයේ අමතර නාවික හමුදා සහන කණ්ඩායම් 12ක් ද සූදානමින් තබා ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.