යුද හමුදාව විසින් පොල් පැල 700 කට අධික ප්‍රමාණයක් යාපනයේ වගා කෙරේ

ජුලි 11, 2021

ශ්‍රී ලංකා යුද  හමුදාවේ  යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඊයේ (ජූලි 10) දින යාපනය අර්ධද්වීපයේ ආගමික හා රාජ්‍ය ස්ථානවල, යුද හමුදා කඳවුරු තුළ, නිසරු හා පෞද්ගලික ඉඩම්වල පොල් පැළ 700 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදී.

ආගමික ආශිර්වාදය මධ්‍යයේ පවත්වන ලද මෙම වැඩසටහන ආරක්ෂක සේනා  මූලස්ථානය විසින් දියත් කරනු ලැබුවේ  අනාගත පරපුරේ යහපත උදෙසා බව යුද හමුදාව පවසයි.

පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ගරු අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා  විසින් පොල් පැළ ලබා දී ඇති බව යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පැවැත්වූ මෙම ව්‍යාපෘතියට පූජ්‍ය පක්ෂය, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ භට පිරිස් සහභාගී වූහ.