කහ කිලෝ 2360ක් නාවික හමුදා භාරයට

ජුලි 12, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජූලි 11) මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ දී මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2360 පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ගෝනි 60 ක අසුරන ලද මෙම කහ තොගය විශේෂ පාමුර සංචාරයක් සිදු කරමින් සිටි නාවික හමුදා භටපිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් කහ තොගය මෙලෙස වංකාලේ වෙරළ තීරයේ දමා ගොස් ඇත.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකළ මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.