යුද හමුදාව ගංජා හේනක් වටලයි

ජුලි 12, 2021

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 18 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් මොණරාගල කැබිලිත්ත ප්‍රදේශයේ ගංජා හේනක් වටලා එම වගාව විනාශ කර ඇත.

කැලෑ පෙදෙසක් තුළ වූ අක්කරයක පමණ භූමියක රහසිගතව වගා කරන ලද මෙම ගංජා පැළ භට පිරිස් විසින් ගලවා දමන ලද අතර කිලෝග්‍රෑම් 200 ක පමණ වියළි ගංජා තොගයක්ද විනාශ කළ බව යුද හමුදාව පවසයි.

මේ අතර, 51 වන සේනාංකයේ බුද්ධි අංශය ලබාදුන් තොරතුරකට අනුව ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 17 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් පොලිසිය සමඟ එක්ව පසුගියදා කයිට්ස්, ඇල්ලයිපිඩ්ඩි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 6.5 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සමඟ ගංජා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාරදුන් බව යුද හමුදාව පවසයි.