සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජුලි 13, 2021

අභිනවයෙන් පත් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ (විශ්‍රාමික) ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (ජූලි 13) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී හමුවිය.

උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව, ආරක්‍ෂක ලේකම් විසින් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත්වීම ගැන ඔහු වෙත සුබ පැතුම් ලබා දෙන ලදි.

අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය අනාගත සැලසුම් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සංවර්ධනය පිළිබඳව ජෙනරල් ගුණරත්න සමඟ මෙහිදී සාකච්චා කරන ලදී.

නව අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමන්ගේ අනාගත ප්‍රයත්නයන් සඳහා ආරක්‍ෂක ලේකම්වරයා විසින් සිය සුබ පැතුම් එක් කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සිහිවටන හුවමාරු කර ගැනීමද මෙහිදී සිදුවිය.

කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීම සඳහා වන සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමවේදයන්ට අනුකූලව මෙම හමුවීම පැවැත්විය.