ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක පුහුණුවීම් සඳහා ජාත්‍යන්තර සහය

ජුලි 21, 2021

මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍ර අපරාධ වැඩසටහන (UNODC) විසින් පවත්වන ලද පුහුණු පාඨමාලාව (VBSS) ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සාමාජිකයින් 16 දෙනෙකු විසින් මෑතකදී මිරිස්ස උසස් පුහුණු මධ්‍යස්ථානයේ දී සාර්ථකව නිම කරන ලදි.

වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි ' VBSS ' පාඨමාලාව වෙරළ ආරක්‍ෂක කටයුතු සඳහා විශේෂ හැකියාවන් ලබා දෙනු ලබන, මිරිස්ස උසස් පුහුණු මධ්‍යස්ථානය ජාත්‍යන්තර ආයතන සමඟ ඒකාබද්ධව සිදු කරනු ලබන පුහුණු වැඩසටහනකි.

පුළුල් න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් මෙම පුහුණුව මගින් ලබාගත හැකිබව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි.

වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජාත්‍යන්තර ආයතන නියෝජිතයින් සහ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් මෙහි අවසන් අවස්ථාව සඳහා සහභාගී වූ බව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.