ගංජා කිලෝ 107 ට වැඩි ප්‍රමාණයක් වෙත්තලකේණිහිදී නාවික හමුදා භාරයට

ජුලි 23, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජුලි 22) දින වෙත්තලකේනි, කඩේයිකාඩු වෙරළ ප්‍රදේශයේ සිදුකරන ලද පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 107 ග්‍රෑම් 840 ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

උතුරු නාවික විධානය මගින් කඩේයිකාඩු වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ පාමුර සංචාරයේදී, පැනයාමට උත්සහ කළ සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කර ඔහු සතුව තිබී ගංජා සහිත පාර්සල් 16ක් සොයා ගත් බව නාවික හමුදාව පවසයි.  

එම සැකකරුගෙන් සිදු කල වැඩි දුර ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරකට අනුව, එම ප්‍රදේශයේ නිවසක් අසල සඟවා තිබූ තවත් කේරළ ගංජා සහිත පාර්සල් 24ක් සොයාගත් බව නාවික හමුදාව තවදුරටත් පවසයි.  

නාවික හමුදාව සඳහන් කරන පරිදි, මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 32 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

මේ සඳහා සම්බන්ධ වූ සැකකරු වයස අවුරුදු 33ක්‌ වන මුල්ලියාන් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට හඳුනාගන්නා ලද අතර, සැකකරු සහ ගංජා තොගය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා මරුදන්කේණි පොලිසිය වෙත භාර දිමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වන  සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකළ බව  නාවික හමුදාව තහවුරු කරයි.