ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය අනුරාධපුර අභිමන්සලෙහි සංචාරයක

ජුලි 23, 2019

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන සෝනියා කොට්ටෙගොඩ මහත්මිය 2019 ජුලි 11 දින අනුරාධපුරයේ පිහිටි අභිමන්සල 1 හි සංචාරයක නිරත විය. සුවසහන නිකේතනයෙහි නේවාසිකව සිටින රණවිරුවන්ගේ සුභසාධන කටයුතු පිළිබඳව සොයා බැලීමේ අරමුණින් එතුමිය විසින් මෙම සංචාරය සිදු කරන ලදී.

අභිමන්සල යනු පුර්ණ ආබාධිත තත්ත්වයට පත් වු විරෝධාර රණවිරුවන් සඳහා ඔවුන්ගේ ඉදිරි ජීවිතය ස්වභාවිකව ගතකිරීම සදහාම නිර්මාණය කර ඇති සුවසහන නිකේතනයකි.

කොට්ටෙගොඩ මැතිනිය විසින් අභිමන්සලෙහි නේවාසිකව සිටින රණවිරුවන්ගේ සුවදුක් විමසු අතර අභිමන්සලෙහි පරිපාලන නිලධාරින් සමගද නේවාසික රණවිරුවන්ගේ සුභසාධන කටයුතු පිලිබඳ සාකච්ඡාවක නිරතවිය.