තද සුළං පිළිබඳ අනතුරු ඇගවීම්

ජුලි 26, 2021

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං ඇතිවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ‍යේ, උතුරු-මැද හා වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලත් සුළගේ වේගය පැ.කි.මී (40-50) පමණ වන අතර විටින් විට පැ.කි.මි 60 දක්වා වැඩි විය හැකි බව සදහන් කරයි.

නිරිත දිග මෝසම් තත්වය සක්‍රියව පැවතීම හේතුවෙන් මෙලෙස තද සුළං ඇතිවිය හැකි බව එහි සදහන් වේ.

ඉහත සඳහන් ප්‍රදේශවල වෙසෙන ජනතාවට මේ පිළිබඳව විමසිලිමත් ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.

තද සුළං ඇතිවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනය අද (ජූලි 26) පස්වරු 1.00 ට නිකුත් කර ඇති අතර එය ඉදිරි පැය 24 ට වලංගු වේ.