කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රීය සංග්‍රහය අන්තර්ජාලය ඔස්සේ දියත් කරයි

ජුලි 29, 2021

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් විසින් විශ්ව විද්‍යාලයේ බහු විෂයීය ශාස්ත්‍රීය සංග්‍රහය අන්තර්ජාලය ඔස්සේ නිල වශයෙන් ඊයේ (ජූලි 28) එළිදක්වන ලදි.

මෙය බහුවිධ හා අන්තර් විනයානුකූල ප්‍රවේශයන්ගෙන් මුල් පර්යේෂණ ලිපි සමාලෝචනය කරන ලද සඟරාවක් වන අතර විවිධ විෂයයන් පිළිබඳ උනන්දු වන සියළුම පර්යේෂකයින් සඳහා මෙය විවෘත වන බව කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල ආරංචි මාර්ග පවසයි.

මේ අනුව ජර්නලයේ 3 වන වෙළුම කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල වෙබ් අඩවියට උඩුගත කරන ලද අතර ප්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ස්වර්ණා පියසිරි විසින් සඟරාවේ මුද්‍රිත පිටපත උපකුලපතිවරයාට භාර දෙන ලදි. 

මෙම අවස්ථාවට පශ්චාත් උපාධි පීඨයේ පිඨාධිපති බ්‍රිගේඩියර් උපාලි රාජපක්ෂ සහ පීඨයේ සාමාජිකයින් පිරිසක් එක්විය.

තොරතුරු : lms.kdu.ac.lk