ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තොරතුරු තාක්ෂණ උපකරණ පරිත්‍යාග කරයි

ජුනි 25, 2019

වවුනියාව දිස්ත්‍රික්කයේ ම/පරණගම විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් හට අත්‍යවශ්‍ය තොරතුරු තාක්‍ෂණ උපකරණ කිහිපයක් ආරක්‍ෂක සේනා මුලස්ථානය (වන්නි) විසින් පරිත්‍යාග කර ඇති බව යුද හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මේ සඳහා සෙලාන් බැංකුවේ සමාජ වගකීම් ව්‍යාපෘතිය මගින් මුල්‍ය අනුග්‍රහය ලබා දී ඇත.

ඉකුත් බදාදා (ජූනි 19) දින පැවැති උත්සවයකදී නව පරිගණක යන්ත්‍රයක්, බහු මාධ්‍ය ප්‍රක්ශේපණ යන්ත්‍රයක් සමඟ තිරයක් සහ අඛණ්ඩ විදුලි බල සැපයුම් ඒකක 6 ක් (uninterrupted power supply units) පරිත්‍යාග කර ඇත. මීට ප්‍රථම සෙලාන් බැංකුව යුද්ධ හමුදාව හා සම්බන්ධතාවයෙන් මෙම පාසලට නව පරිගණක යන්ත්‍ර 15 ක් ද පරිත්‍යාග කර තිබිණි. පාසල් දරුවන්ගේ තොරතුරු තාක්‍ෂණ දැනුම වැඩිදියුණු කිරීම සඳහා යුද හමුදාව විසින් මෙම සමාජ සත්කාරක වැඩසටහන සිදු කරන ලදී