ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා යුද හමුදා රණවිරුවෙක්

ජුලි 31, 2021

2021 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවේ දක්ෂතම රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයෙකු වන යුද හමුදාවේ සැරයන් ඩී එච් ආර් ධර්මසේන සුසුසුකම් ලබාගෙන ඇත.

පසුගිය යුද සමයේ පැවති මානුෂීය මෙහෙයුමේදී ත්‍රස්තවාදී ප්‍රහාරයක් හේතුවෙන් අබාධිත තත්වයට පත්වීමෙන් පසු ඔහු රෝද පුටු ටෙනිස් ක්‍රීඩාව අරම්භ කර ඇති බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

ඔහු, 2018 ආසියානු පැරා ක්‍රීඩා උළෙල , මැලේසියානු ලබුවාන් විවෘත රෝද පුටු ටෙනිස් ශූරතාව සහ 2018 මැලේසියාවේ ක්වාලාලම්පූර් විවෘත කේවල ශුරතාවය ආදී තරගාවලිවලදී පදක්කම් දිනා ඇති අතර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට අනුව රෝද පුටු ටෙනිස් ක්‍රීඩාවේ 62 වන ස්ථානයේ සිටින බවද යුද හමුදාව තහවුරු කළේය.