මෝර වරල් සහිත ධීවර යාත්‍රාවක් වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු භාරයට
අගෝස්තු 01, 2021නීති විරෝධී ලෙස ලබාගන්නා ලද මෝර වරල් තොගයක් සමග ධීවරයින් හය දෙනෙකු සහ එක් දින ධීවර යාත්‍රාවක් ත්‍රිකුණාමලය කොඩ්බේ ධීවර වරායේ ස්ථානගතව සිටින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කි.ග්‍රෑ. 46ක් වක මෙම නීති විරෝධී මෝර වරල් සහ වියළි මත්ස්‍ය කොටස් තොගය යාත්‍රාව තුල සඟවා තිබියදී වෙරළාරක්‍ෂක නිලධාරීන් විසින් සොයා ගත් බව ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි.
ධීවර යාත්‍රාව සහ අත්අඩංගුවට ගත් පුද්ගලයින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ත්‍රිකුණාමලය ධීවර සහකාර අධ්‍යක්‍ෂ වෙත භාර දෙන ලදි.
 
                                       
                                      