ශ්‍රී ලංකාවට සුනාමි බලපෑමක් නැහැ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

අගෝස්තු 03, 2021

අන්දමන් දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපක 6.5 ක් වන භූමිකම්පාවක් හටගෙන ඇති අතර දැනට ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්‍ෂා සහිත බව ප්‍රකාශයට පත් කර ඇති අතර අදාළ ජාතික හා ජාත්‍යන්තර නියෝජිතායතන සමඟ එකඟත්වයෙන් මෙම නිවේදනය නිකුත් කරන ලද බව එහි තවදුරටත් සඳහන් වේ.