'රණබිමෙන් ගොවිබිමට - සරුපසේ පෙරළිය' ගාල්ලට

අගෝස්තු 03, 2021

වස විසෙන් තොර කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභී පවුල් දැනුවත් කිරීමේ අරමුණින් ‘සරුපසේ පෙරළිය’ යන තේමාව යටතේ රණවිරු සේවා අධිකාරිය මෙහෙයවන වැඩමුළුව පසුගියදා ගාල්ල ලබුදූව රජයේ ගොවිපලේදී  පවත්වන  ලදි.

කාබනික පොහොර නිෂ්පාදනය කෙරෙහි උනන්දුවක් දක්වන ප්‍රදේශයේ රණවිරු පවුල් මෙම වැඩමුළුවට සහභාගී වූහ.

කාබනික පොහොර නිෂ්පාදනයේ ප්‍රායෝගික හා න්‍යායික ඉදිරි දර්ශනය ලබුදූව රජයේ ගොවිපලේ කෘෂි නිලධාරීන් විසින් මෙහිදී  පැහැදිලි කළ බව රණවිරු සේවා අධිකාරිය පැවසීය.

රණවිරු සේවා අධිකාරිය පවසන පරිදි, මෙම වැඩසටහන් මාලාවේ මංගල දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය සතියේ මාතර දිස්ත්‍රික්කයේ දී විවිධ හැකියාවන් ඇති රණවිරුවන් සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස පැවැත්විණි.

මේ සඳහා යොමු වී ඇති රණවිරු පවුල් සඳහා ලංකා බැංකුව  විසින්  මූල්‍ය ආධාර ලබා දෙන බව රණවිරු සේවා අධිකාරිය වැඩිදුරටත් පවසයි.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ලංකා බැංකුවේ නිලධාරීන්, ප්‍රාදේශිය රාජ්‍ය නිලධාරින්,  රණවිරු සේවා අධිකාරියේ නිලධාරීන් සහ රණවිරු පවුල්  සහභාගි විය.