සඳහිරු සෑයේ 'චූඩා මාණික්‍ය' සහ 'කොත්වහන්සේ' බැතිමතුන් හට වැඳ පුදා ගැනීම සඳහා හෙට දින කොරතොට රජමහා විහාරය වෙත වැඩම කෙරේ

අගෝස්තු 09, 2021

සඳහිරු සෑයේ පූජණීය කොත්වහන්සේ හා චූඩා මාණික්‍ය රැගත් පෙරහැර කොළඹ නගරයේ වීදි සංචාරය කිරීමෙන් අනතුරුව ඊයේ (08) සවස බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයට වැඩම කරවන ලදි.

බැතිමතුන්ට වැඳ පුදා ගැනීම සඳහා කොත්වහන්සේ හා චූඩා මාණික්‍ය අද දින (අගෝස්තු 09) බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇත.

මෙම පූජා වස්තු රැගත් පෙරහැරෙහි තෙවන දිනය වන හෙට දින උදෑසන බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයෙන් ආරම්භ කර බෝකුන්දර, පිළියන්දල, පොල්ගස්ඕවිට, කොට්ටාව, මහරගම, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, එගොඩවත්ත, රත්තනපිටිය, දිවුල්පිටිය උතුර, නුගේගොඩ, නුගේගොඩ දුම්රියපොළ, නාවල, කොස්වත්ත, රාජගිරිය, අකුරේගොඩ, අරංගල, බොරළුගොඩ, අතුරුගිරිය, කඩුවෙල පාර හා ඔරුවල හරහා කොරතොට රජමහා විහාරය වෙත හෙට (අගෝස්තු 10) දින සවස වන විට වැඩම කරවීමට නියමිතය.